@roar.sinhala

Roar Sinhala

Unknown

Instagram posts and videos uploaded by roar.sinhala

roar.sinhala

class="content__text" සුරංගනා කතාවලට පණ පොවන ප්‍රධාන කාන්තා චරිතයකි මහලු බටකොළ ආචිචි. මායා කොස්සක ආධාරයෙන් දසත සංචාරයේ නිරත වන මැය, අනේකවිධ මායාකර්ම සිදු කිරීමටත් එක සේ හපන් මහලු ළඳක්. බටකොළ ආචිචි සමඟ නිරතුරුව ම බැඳී පවතින දෙයකි ඇගේ මායා කොස්ස. මායා ආචිචි මැතිරූ මන්තර බන්ධනයකින් අනතුරුව ඇගේ ගමන් සහයකයා ලෙස සිටින්නේ එම මායා කොස්ස යි. ශ්‍රී ලංකාවට මේ බටකොළ ආච්චි ගෙන ආවේ, එකල කුඩා දරුවන් කියැවූ ‘මිහිර’ පුවත්පතෙන්. ඒ බූ, බබා, යෝධයා කතාව ලියු එස්. ඒ. දිසානායක යි. ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති linktr.ee ලින්ක් එක ක්ලික් කරන්න.

March 12, 2023

roar.sinhala

class="content__text" චීන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරිපෙළේ ගනුදෙනුකරුවෙක් සහ ආයෝජකයෙක් වන බාවෝ ෆාන්, පසුගිය මාසයේ අතුරුදහන් වීම තරමක් අවධානයට පාත්‍ර වූ සිදුවීමක් ලෙස හැඳින්විය හැකි යි. ඔහු “China Renaissance Holdings” හි නිර්මාතෘවරයා වන අතර, ඩොලර් බිලියන ගණනක වත්කම් ඇති පුද්ගලයෙක්. එරට තාක්ෂණික අංශයේ “ටයිටන්” ලෙස හඳින්වෙන බාවෝ ෆාන් වැන්නෙක් රටක ආර්ථිකයට වැදගත් සාධකයක් වන්නේ නිරායාසයෙන්. නමුත්, බාවෝ ෆාන් හදිසියේ ම අකර්මණ්‍ය වුණා. මීට කලිනුත් චීනයේ බිලියනපතියන් මෙසේ අතුරුදහන් වුණා ද? ඒ ඇයි? ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති linktr.ee ලින්ක් එක ක්ලික් කරන්න.

March 12, 2023

roar.sinhala

class="content__text" මැලේසියා ගුවන් සේවයට අයත් MH – 370 මඟී යානය අහස් ගැබේ අතුරුදහන් වීම මෑතකාලීන ගුවන්යානා ඉතිහාසය සමඟ බැඳී පවත්නා දැවැන්ත අබිරහසකි. MH-370 ගුවන් යානය අතුරුදහන් ව පසුගිය මාර්තු 09 වැනිදාට එළැඹුණු නවවන සංවත්සරයේ දී ඒ ගැන වන කතාබහ නැවතත් අලුත් වුණා. ගුවන්ගත වීමෙන් අනතුරුව වැලැක්විය නොහැකි කාර්මික දෝෂයකට මෙම යානය ලක් වූවාද? එසේත් නොමැතිනම් සංවිධානාත්මක අපරාධ කල්ලියකගේ පැහැරගැනීමකට යානය නතු වූවාද? යම් රටක් ගුවන් යානයට යම්කිසි බාධාවක් කළාද? MH-370 නියමුවා එම යානය කඩා වැටීමට සැලැස්සුවා ද? ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති linktr.ee ලින්ක් එක ක්ලික් කරන්න.

March 11, 2023

roar.sinhala

class="content__text" *ජර්මනියේ වෙඩි තැබීමකින් 7ක් මරුට උතුරු ජර්මනියේ හැම්බර්ග් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන්හත්දෙනෙක් මියගොස් තවත් පිරිසක් බරපතල තුවාල ලබා තිබේ. ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ එරට වේලාවෙන් රාත්‍රී 9 ට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථානයක දී මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි. පුවත්පතක් වාර්තා කළේ පුද්ගලයන් හත් දෙනෙක් මිය ගොස් තවත් අට දෙනකු තුවාල ලබා ඇති බවයි. ................................ *ඉතිහාසඥයා මධ්‍යකාලීන නිධානයක් සොයා ගනී ලන්දේසි ඉතිහාසඥයෙක් රන් පෙන්ඩන්ට් හතරක්, රන් පත්‍් තීරු දෙකක් සහ රිදී කාසි 39 කින් සමන්විත වසර 1,000 ක් පැරණි මධ්‍යතන යුගයේ අද්විතීය රන් නිධානයක් සොයාගත් බව ලන්දේසි ජාතික පුරාවස්තු කෞතුකාගාරය බ්‍රහස්පතින්දා නිවේදනය කළේ ය. 27 හැවිරිදි ලොරෙන්සෝ රුයිටර්, හූග්වුඩ්හිදී ලෝහ අනාවරකයක් භාවිතයෙන් මේ නිධානය සොයා ගෙන ඇත. .................................... *මැලේසියාවේ හිටපු අගමැති මුහිදීන්ට දූෂණ චෝදනා මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය මුහිදීන් යාසීන්ට, ඔහු අග්‍රාමාත්‍ය ධූරය දරන කාලයේ සිදු කළ ව්‍යාපෘතිවල දී බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. මුහයිදීන් මහ මැතිවරණයකින් පරාජය වී මාස තුනකට පසුව මෙම චෝදනා එල්ල වී ඇත. ................................. *ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී අපජලය මුහුදට ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ ත්‍රිත්ව ප්‍රතික්‍රියාකාරකය හානියට පත් වී වසර 12කට පසු එහි පිරිපහදු කළ විකිරණශීලී අපජලය විශාල ප්‍රමාණයක් මුහුදට මුදා හැරීමට ජපානය සූදානම් වේ. ......................................... *නරේන්ද්‍ර මෝදි නමින් නව ක්‍රීඩාංගණයක් බටහිර අහමදාබාද් නගරයේ නරේන්ද්‍ර මෝදිගේ නමින් නම් කළ නව ක්‍රීඩාංගණයක් පසුගිය දා විවෘත විය. ........................................ *චීන වත්මන් ජනපති ෂී ජින්පින්ග්ට තුන්වන වරටත් එරට ජනාධිපති ධූරයට පත්වීම සඳහා චීන පාර්ලිමේන්තුවේ සහාය හිමිව තිබේ. ........................... *අදානිට එල්ල වී ඇති චෝදනා ගැන පරීක්ෂණ ව්‍යාපාරික අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත,

March 11, 2023

roar.sinhala

class="content__text" රුපියල ඇත්තට ම ශක්තිමත් වුණා ද? නැද්ද? අමෙරිකන් ඩොලර් එකත් එක්ක බැලුවම ලංකාවේ රුපියල ශක්තිමත් වෙලා.මේ සතියේ ලෝකේ වැඩියෙන්ම ක්‍රියාකාරී මුදල් ඒකකය වුණෙත් අපේ රුපියල. කොහොම ද එහෙම වුණේ?

March 11, 2023

roar.sinhala

class="content__text" ඔබේ ජීවිතය වෙනස් කරන කාන්තාවක් ගැන අපට කියන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටියෙමු. මේ එයට අප ලද ප්‍රතිචාරවලින් කිහිපයක්. #SriLanka #IWD23

March 11, 2023

roar.sinhala

class="content__text" මාතර නගරයේ ලන්දේසි සිහිවටන කිහිපයක් තිබෙනවා. ඒ අතර ප්‍රධාන තැන ගන්නා මාතර කොටුව සංචාරකයන්ගේ ද ජනප්‍රිය ගමන්නාන්තයත්. ලන්දේසින් පෘතුගීසින්ගෙන් මාතර බලය අල්ලාගත්තේ 1645 දි යි. ඉන්පසු ව ලන්දේසින් 1658 දී ලංකාවේ මුහුදුබඩ පළාත් සියල්ල අල්ලා ගත් අතර ඔවුන්ගේ වැදගත් දිසාවනියක් විදිහට මාතර පාලනය කර තිබෙනවා. ලන්දේසීන්, මාතර ඉදි කළ ප්‍රධානත ම ලන්දේසි ගොඩනැඟිල්ල මාතර කොටුව යි. මාතර අවට සිටි ලන්දේසින්ට සහ රෙපරමාදු ආගම වැලඳගත් අයට ආගමික කටයුතු සඳහා වගේ ම ආගම ප්‍රචාරය කිරීමේ කටයුතු සඳහාත් කොටුවට ඇතුළුවන විට ම පෙනෙන සේ රෙපරමාදු දේවස්ථානය තනවා තිබෙනවා. කොටුව ඇතුළෙ තියෙන වැදගත් ම ලන්දේසි ස්මාරකය තමයි ඕලන්ද පල්ලිය කියන්නේ. කොටුවට යන කවුරුත් දැකබලාගත යුතු අවුරුදු තුන්සියයකට වඩා පැරණි ලන්දේසි රෙපරමාදු දේවස්ථානය ගැන ඔබ දැනුම්වත් කරන්න ගත් උත්සාහයක් තමයි මේ. ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති linktr.ee ලින්ක් එක ක්ලික් කරන්න.

March 10, 2023

roar.sinhala

class="content__text" වර්තමාන ලෝකයේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා, සමහර සත්ත්ව වර්ග ඉතා දැඩි ලෙස වඳව යාමේ තර්ජනයට ලක් වී තිබෙනවා. මේ නිසා ඔවුන්ගේ ගහනය වේගයෙන් අඩු වී තිබෙන අතර, නිසි ක්‍රියාමාර්ග නොගතහොත් මෑත අනාගතයේ දී ම මේ සතුන් නෂ්ට වී යාමට නියමිත යි. පරිසරය සුරැකීමේ අන්තර්ජාතික එකමුතුව හෙවත් අයි.යූ.සී.එන් සංවිධානයට අනුව, මෙලෙස තර්ජනයට ලක් වී ඇති ජීවී විශේෂ සංඛ්‍යාව 40,000 ක් පමණ වෙනවා. මේ ලිපියෙන් දැක්වෙන්නේ, එලෙස දරුණු ම ලෙස වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ කිහිපයක් ගැන යි. ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

March 10, 2023

roar.sinhala

class="content__text" ශ්‍රී ලංකාව සෙල්ලම් බඩු අපනයනය කරන බව ඔබ දන්නවාද? ශ්‍රී ලංකාවේ සෙල්ලම් බඩු කර්මාන්තය වසර 20 කට ආසන්න කාලයක පටන් පුරවන ලද සහ ලී සෙල්ලම් බඩු අපනයනය කරනවා.

March 09, 2023

roar.sinhala

class="content__text" ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ ලොව විවිධ ක්ෂේත්‍ර බබළවන කාන්තාවන් පිළිබඳ ව බොහෝ සෙයින් කතාබහට ලක් වේ. සාහිත්‍යය, රාජ්‍ය පාලනය සහ සිවිල් අයිතිවාසිකම් වැනි විවිධ ක්ෂේත්‍රයන්හි දියුණුව උදෙසා සුවිශාල මෙහෙවරක් සිදු කළ කාන්තාවන් පිළිබඳ තොරතුරු වර්තමානයෙන් මෙන් ම අතීතයෙන් ද හමු වේ. මේ එවැනි හේතු නිසා ලොව පුරා ප්‍රසිද්ධ වූ කාන්තාවන් කිහිප දෙනෙක් පිළිබඳ වන විමසා බැලීමකි. ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

March 09, 2023

roar.sinhala

class="content__text" විදෙස්ගත වී එහි ම ස්ථාවර වීමට බලාපොරොත්තු වන පුද්ගලයෙක් සාමාන්‍යයෙන් තෝරා ගන්නේ තම මව්රටට වඩා ජීවන මට්ටමෙන් ඉහළ රාජ්‍යයක්. ඒ සඳහා යම් අදහසක් හෝ තොරතුරු ලබාගත හැකි ගෝලීය දර්ශක පවා දැන් ප්‍රචලිත යි. සංක්‍රමණය වීම සඳහා රටක් තෝරා ගැනීමේ දී සාමාන්‍ය ආදායම සහ අදාළ රටේ ආර්ථික ස්ථාවරත්වය සැළකීම ඉතා වැදගත්. යම් පුද්ගලයෙක් විදෙස් රටකට සංක්‍රමණය වන්නේ සිය දරු පවුල සමඟින්යැ යි උපකල්පනය කරමු. දරුවන් ගේ ජීවන තත්ත්වයේ උසස් බව තහවුරු කිරීම සඳහා ආර්ථික මිනුම් දඬු පමණක් සෑහේ ද? දරුවන් ඇති දැඩි කිරීමට වඩාත් සුදුසු රටවල් පහක විස්තර ගෙන ඒමට අප සිතුවා. ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති linktr.ee ලින්ක් එක ක්ලික් කරන්න.

March 09, 2023

roar.sinhala

class="content__text" අපට පාර පෙන්වන Google Maps කියන්නෙ අද වෙද්දි අපට නැතුව ම බැරි Digital Companion කෙනෙක්. මේ වීඩියෝව අපට මඟ පෙන්නන Google Mapsවල අලුත් ම update එක නැත්නම් Google Maps නවත ම පහසුකම Immersive view ගැන යි.

March 08, 2023

Similar accounts

natgeo

284.3m followers

@natgeo
iamcardib

169.3m followers

@iamcardib
ddlovato

157.4m followers

@ddlovato
realmadrid

152.8m followers

@realmadrid
chrisbrownofficial

145.3m followers

@chrisbrownofficial
fcbarcelona

125.6m followers

@fcbarcelona
championsleague

113.4m followers

@championsleague
gal_gadot

109.3m followers

@gal_gadot
sooyaaa__

77.4m followers

@sooyaaa__
premierleague

72.7m followers

@premierleague
theweeknd

71.7m followers

@theweeknd
urvashirautela

70.3m followers

@urvashirautela

Disclaimer

The data provides is not authorized by TikTok. We are not an official partner of TikTok.

Use of materials from the resource is permitted only with a link to our resource.

Copyright © 2024 insiflow.com